Thursday, March 8, 2012

Angry Birds උන්මාදය!!


කාලෙකින් ගෙම් එකක් ගැන කිව්වේ නැහැ කියලා හිතුනා...හැබැයි ඉතින් මම ලොකු ලොකු ගෙම් ගැන කතා කරන්නෙ නම් නැහැ...මොකද එවා ගැන කතා කරන්න ගියොත් මට වෙනම බ්ලොග් එකක් පටන් ගන්න වෙනවා...ඉතින් එක ගෙම් සෙල්ලම් කරන අය දන්නවා ඇති..ඉතින් හැමදාම වගේ මම කතා කරන්නෙ ඔය කන්තොරුවේ ඉන්න ගමන් කම්මැලි හිතුනම ටිකක් සෙල්ලම් කරන්න පුලුවන් එකක් ගැන නේ..ඉතින් අදත් ඒකක් ගැනම තමා කතා කරන්න යන්නෙ..හැබැයි දැනට ලොකේ ලැව් ගින්නක් වගේ පැතිරෙන ගෙම් එකක්...

ඉතින් ලැව් ගින්නක් වගේ පැතිරෙනවා කිව්වට මෙකෙන් කාටවත් හානියක් නම් නැහැ හැබැයි වෙළඳ ලොකෙටත් මේ ගෙම් එක බලපාලා තියෙනවා කිව්වොත් නම් මම හරි......ඉතින් මෙකේ නම තමා "Angry Birds"....ඇහුව ගමන් සමහරු නම් දන්නවා ඇති...

අද Angry Birds නමින් ඇඳුම් , සපත්තු, බැග් විවිධ දෙවල් නිර්මාණය වෙනවා...ඉතින් එකයි මම කිව්වේ මෙක ලැව් ගින්නක් වගේ පැතිරෙනවා කියලා එ වගෙම මෙවට මාර ඉල්ලුමක් තියෙනවා...මම කියන්නම් Angry Birds හැදුන විදිය...



පින්ලන්තයේ රොවියො මොබයිල් කියන සමාගම තමා මුල් වරට හඳුන්වා දෙන්නෙ ලොකයට 2009 අවුරුද්දෙ....මෙක ඇපල් අයි ෆොන් ඇප් එකක් විදියට තමා හඳුන්වලා දුන්නෙ...ඉතින් එතැන් සිට මේ ගෙම් එකෙ කොපි මිලියන 12ක් විකිණිලා තියෙනවා....ඊට පස්සෙ අනෙකුත් දුරකථන මාදිලි වලට සහ නිකුත් කරලා තියෙනවා..ඉතින් මේ ගෙම් එකෙන් වෙන්නෙ අත්තටු රහිත කුරුල්ලො කිහිපයකින් උරන්ට පහර දෙන හැටි කිව්වොත් කෙටියෙන් හරි....ඉතින් මෙකෙ අලුත් කියලා ගොඩක් ඇවිත් තියෙනවා සහ මෙකට ඉන්න රසිකයො ප්‍රමාණයත් වැඩි..ඉතින් මම බැලුවේ අපේ ගුගල් ක්‍රොම් එකෙනුත් මෙක Play කරන හැටි කියලා දිලා මෙකෙ විස්තර ටිකකුත් බෙදා ගන්න...ඉතින් පහල ලින්ක් එකට ගිහින් Angry Birds ගහලා බලන්න....
 
 
 
 

මෙන්න ගන්න

තව එකක්

No comments:

Post a Comment