Tuesday, January 17, 2012

ඕන් මම ආවා

ගොඩාක් වැඩ අෆ්ෆා මේ බ්ලොග් ලියන්නත් වෙලාවක් නෑ. කමක් නැ ඕනේ දෙයක් වෙයන් කියලා බ්ලොග් ක් ලියන්න හිතුවා 

Google+
Google සමාගමේ අළුත්ම සේවාව තමයි Google +
මටත් අද මේ සේවාව සක්‍රීය වෙලා තිබුනා. මෙතෙක් පර්යේෂණ මට්ටමේ තිබූ සේවාව දැන් සියළුම දෙනා සදහා සක්‍රීය කරලා වෙන්න ඕන. කොහොම හරි දවසක් පුරා මෙම Google + භාවිතා කරලා මටත් හිතුනා මේ ගැන පොඩි සටහනක් තියන්න.
‍මුලින්ම කියන්න තියෙන්නේ මේ යන විදියට නුදුරු අනාගතයේදීම “ internet නම් Google. Google නම් internet. ” කියන තත්වයට පත්වෙයි වගේ. පසුගිය කාලය දිහා බැලුවම ජනතාවට වඩාත් සංවේදී වන සියළුම අන්තර්ජාල සේවාවන් Google සමාගම තම ග්‍රහණයට අරගෙන වගේ.
ආරම්භයේදී මගේ e-mail accounts සේවාවන් 3 ක භාවිතා කලා. ඒ තමයි Gmail, Yahoo සහ Hotmail. මේ අවසාන සේවාවන් දෙකත් එක්ක සැසදීමේදී Gmail සේවාව තමයි දැන්වීම් අඩුම හා අඩුම කාලයක් හා ඉතා සරල මෙන්ම ප්‍රියමනාප interface එකක් සහිත  e-mail සේවාව වුනේ. ඒ නිසා අනෙක් mail දෙක කාලයත් සමග අභාවයට ගිහින් Gmail භාවිතය ඉහල ගියා.


e-mail භාවිතය හැරුණුකොට අපි වැඩියෙන්ම භාවිතා කරපු සේවාවන් විදියට twitter සහ Facebook තමයි ඊලගට ඉදිරියට එන්නේ. ඒ අතරතුර තමයි twitter සදහා ආදේශකයක් විදියට Google buzz කරලියට එන්නේ. Google භාවිතා කරන කෙනෙකුට twitter සදහා වෙනම ප්‍රවේශ වීමක නැතිව ඒ කටයුතු Gmail තුළම ඇතුලත් වීම නිසා දැන් buzz හුගාක් ජනප්‍රිය වෙලා. නමුත් මීට පෙර මෙවැනි කටයුතු සදහා Google සමාගම විසින් හදුන්වා දුන් Google wave නම් ජනතාව විසින් පිළිගත්තේ නැහැ.
මේ හැරුණුකොට ජනතාව වැඩිපුරම භාවිතා කල සේවාවක් තමයි මුහුණු පොත හෙවත්  Facebook. ඉතින් Google සමාගමේ ඊලග ඉලක්කය උනේ මේ Facebook සදහා ආදේශකයක් සැකසීම. ඒ සදහා තමයි ඔවුන් Google + සකස් කර කරලියට අරගෙන ආවේ. කොහොම උනත් දැන් මේ සුළු කාලයට පේන්න තියෙන දෙයක් තමයි මේ Google + සේවාව Facebook සදහා සැබෑ අභියෝගයක් වෙන බව. අද වන විට මෙම Google + සේවාව භාවිතා කිරීම පිළිබදව ලංකාවට ලෝකයේ 3 වන ස්ථානය හිමි වෙනවා. ඒ භාවිතා කරන්නන් 14,972 ක් එනම් ප්‍රතිශතයක් ලෙස සැලකීමේදී 4.89% ක් ලාංකිකයන් නිසා.
මේ අනුව අපි දැන් මේ අළුත් Google + තුළ ඇති සුවිශේෂතා පිළිබදව අවධානය යොමු කිරීමේදී වැදගත් වන කරුණු කීපයක් ගැන අවධානය යොමු කරමු.









Google + තුළ ඇති Circle තුළින් අපිට අපේ යහළුවන් අපට අවශ්‍ය ලෙස කණ්ඩායම් කරන්න පුළුවන්. Facebook තුළ එවැනි පහසුකමක් නැහැ. Circle තුළින් අපට පුළුවන් අපගේ ඥාතීන්, පාසල් මිතුරන්, කාර්යාලීය මිතුරන්, ආදී නොයෙක් ආකාරයට කණ්ඩායම් සකස් කර ඒ තුළට පිරිස් ගොනු කිරීමට.



 Sparks යනු අපේ රුචිකත්වයන් අනුව අපිට අවශ්‍ය තොරතුරු ගෙන එන Google Reader වැනි සේවාවක්. Sparks තුළ අපගේ රුචිකත්වයන් ඇතුලත් කල පසු ඒ තුළ එම එක් එක් කරුණූ සදහා පිටු සකස් වන අතර, එම පිටු තුළට ඒ ඒ ක්ෂේත්‍ර පිළිබදව වූ තොරතුරු, ඡායාරූප ආදිය සහ ඒ සදහා වූ links ලබා දීම සිදු වෙනවා.

 Hangouts යනු Circle තුළ සිටින මිතුරන් සමග video ඇමතුම් ලබා ගත හැකි සේවාවක්. ඒ අනුව ඔබට ඔබේ මිතුරු කණ්ඩායම (Circle) තුළ සිටින මිතුරන් සමග video chat කිරීමේ පහසුකම මෙහි ඇතුලත් වෙනවා.




 Huddles යනු ඔබගේ Circles තුළ සිටින මිතුරන් සමග group messaging සදහා වූ පහසුකමක්. මෙම පහසුකම ඔබගේ Android දුරකථනය සදහා ලබා ගන්න පුළුවන්. ඒ අනුව ඔබ යමක් ටයිප් කරන විට ඔබගේ කණ්ඩායම (Circle) තුළ සිටින සියළු මිතුරන්ට එයට සහභාගී වෙන්න පුළුවන්. ඇත්තටම එය group messaging සේවාවක්.





Instant Upload යනු ඔබට ඔබගේ Android දුරකථනය තුළින් ලබාගන්න ඡායාරූප එසැනින් ඔබගේ Google+ ගිණූම සදහා upload කිරීමේ පහසුකම සලසා දෙන්නක්.
අනෙක් විශේෂත්වය තමයි මෙහිදී භාවිතා වන්නේ Google chat සේවාවම නිසා එය FB chat සේවාවට වඩා ජනතාවට සමීප වීම.
දැනට නම් මේ Google + තුළ දක්නට ලැබෙන interface එකත් හරිම normal සහ ලස්සන එකක්. පසු කාලීනව කොහොම වෙයිද මන්දා. ඒ වගේමයි දැනට FB වලට වගේ මේ සදහා විවිධ හානිකර applications නොමැති වීම විශාල සහනයක්.
දැන් අපි බලමු මේ සදහා ඔබ පිවිසෙන්නේ කෙසේද යන්න. ඔබ Google වෙබ් අඩවිය සදහා sign in වූ පසු ඉහල වම් කෙලවරේ ඇති සේවාවන් තුළ මුලින්ම ඔබට දක්නට ලැබෙන්නේ මේ Google + සදහා වූ link එකයි.

ඔන්‍න‍  මම ගියා